free statistics

සායනික වාර්තා බොරු.. ඔවුන් මස් මාළු කාලා.. මගේ ඖෂධය සාර්ථකයි.


කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විටද තමන්ගෙන් එම ඖෂධය ලබා ගෙන විශාල පිරිසක් සුවපත් වන බවද ඔහු කියා සිටී.

අදාල සායනික පරීක්ෂාව මුල් අවස්ථාවන් දෙකම සිදු කළේ ගම්පහ මහ රෝහලේ සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් යටතේ යයිද ඔහු සඳහන් කළේ ය.

නමුත් රජරට විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂාවෙන් අසමත් වීම පිළිගත නොහැකි බවද පවසන ඔහු එම ඖෂධය භාවිතා කළ අය මස් මාළු කෑමෙන් වැළකී නොසිටින්නට ඇතැයිද කියා සිටියේය.

මුහුණු පොතේ සටහනක් තබමින් එතුමා මෙලෙස පවසා සිටිනවා “කොවිඩ් පැණිය ජනතාව වෙත ලබාදීම අද සිට රජය මගින් තහනම් කර ඇත. ඒ නිසා ඒ සම්බන්ධ විමසීම් කරන්න එපා. දේශීය වෙදකමට රජය කරන කෙනෙහිලිකම් ගැන කනගාටුයි.- වෛද්‍ය ධම්මික බණ්ඩාර.”


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close