free statistics

අද ආසාදිතයන් 1,860 ක් වාර්තා වෙයි – පිටරට අය, මෙරටදී “ගෙටවීම“ තහනමි


4 shares

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 710 දෙනකු වාර්තා වී තිබේ.ඒ අනුව අද දිනය තුළ වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1,860 කි.

ඔවුන් සමග මෙරට ආසාදිත මුළු ගණන 115,536 දක්වා ඉහල යයි.

වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ කියන මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

වෙනත් රටවල පුද්ගලයන් මෙරට දී නිරෝධායනයට ලක්කර මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (4)චෝදනා කළේය .

මේ අතර ඉන්දියාවෙන් පුද්ගලයන් මෙරටට ඇතුළුවීමේ උත්සාහයක් පවතින හෙයින් එය වැළැක්වීම සඳහා රජය උතුරු මුහුදේ නාවික ආරක්ෂාව දැඩි කළ බව නාවික හමුදා මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවද මේ සම්බන්ධයෙන් සෙවිල්ලෙන් පසුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.


Like it? Share with your friends!

4 shares

One Comment

Your email address will not be published. Required fields are marked *

close