free statistics

සුපිරි වෙළඳ සල් වල සාප්පු සවාරි යනවානම් මේ ගැනත් දැනගන්න – සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි


රටේ පවතින වසංගත තත්ත්වයේ 3 වන මට්ටම සැලකිල්ලට ගෙන නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, සුපිරි වෙළඳ සල් සහ සාප්පු සංකීර්ණ සඳහා ද සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

එම මාර්ගෝපදේශ අනුව, එක් වරකට ඇතුළු විය හැක්කේ අදාළ වෙළඳ සල් තුළට ඇතුළු කරගත හැකි මුළු පාරිභෝගික සංඛ්‍යාවෙන් 25%කට පමණි.

එමෙන් ම, එක් අවස්ථාවක වෙළෙඳ සල් තුළ සිටිය හැකි උපරිම පාරිභෝගිකයන් සංඛ්‍යාව පිටතට පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කළ යුතු බව ද එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

තව ද අදාළ වෙළඳ සල් තුළ සිටින අවස්ථාවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර වර්ග මීටර එකහමාරක පරතරයක් ද පවත්වා ගත යුතු වෙයි.

අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින්.

 

 

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close