free statistics

නැවැත දැනුම් දෙන තුරු දහම් පාසල් වැසේ


පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දහම් පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දෑමීමට තීරණය කර තිබේ.

පාසල් ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.

එ​ළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.

නැවත පාසල් විවෘත වන දිනය පිළිබඳ එදින ​​හෝ පසුව දැනුම්දෙනු ලබ​න බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close