free statistics
නවගමුව පත්තිනි දේවාලය වසා දමයි දේවාලය ආසන්න නිවාස වලින් කොරෝනා ආසාදිතයින් 40ක්

නවගමුව පත්තිනි දේවාලය වසා දමයි | දේවාලය ආසන්න නිවාස වලින් කොරෝනා ආසාදිතයින් 40ක්


නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

දේවාලයේ භාරකාර, පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර අනුනායක හිමියන්ගේ නියමයෙන් දේවාලය වසා දමා ඇත්තේ පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන්.

එමෙන්ම, දේවාලය ආසන්න නිවාස වලින් කොරෝනා ආසාදිතයින් 40කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව ද වාර්තා වනවා.

ඊට අමතරව රටේ පවතින තත්වය හමුවේ එ​ළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.

නැවත පාසල් විවෘත වන දිනය පිළිබඳ එදින ​​හෝ පසුව දැනුම්දෙනු ලබ​න බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close