free statistics

කොරෝනා ආසාදනය වී මිය ගිය මවගේ සිරුර යතුරු පැදියකින් සැතපුම් 300ක් ඈතින් පිහිටි ගමට ගෙනගිය පුතුන් දෙදෙනා


කොරෝනා ආසාදනය වී මිය ගිය සිය පනස් හැවිරිදි වියේ පසුවූ මව ආදාහනය කිරීම සඳහා යතුරු පැදියකින් සැතපුම් 300 ක් දුර ගෙනගිය ඉන්දියාවේ පුතුන් දෙදෙනෙක් ගැන අනාවරණය වේ.

කොරෝනා නිසා රෝගිවූ මව රෝහලකට ඇතුළත් කිරීමට එම පුතුන් දෙදෙනා දැරූ සියලූ උත්සාහයන් ව්‍යාර්ථ වී තිබුණි.

මෙම කනගාටුදායක සිද්ධිය ආන්ද්‍රා ප‍්‍රදේශයෙන් වාර්තා විය.

ඉතා බරපතළ තත්ත්වයේ පසුවී මිය ගිය මෙම කාන්තාවගේ සිරුර ගමට ගෙනයෑම සඳහා ගිලන් රථයක්ද නොතිබූ නිසා ඇයව යතුරු පැදියේ වාඩි කරගෙන යන අවස්ථාවේ පොලිස් නිලධාරියකු විසින් යතුරු පැදිය නතර කර ඇත. පුතුන් දෙදෙනාට මැදිව සිටි කාන්තාව මිය ගිය තැනැත්තියක් බව හෙළිවීමත් සමඟම එම පොලිස් නිලධාරියා දැඩිලෙස කම්පනයට පත්වී තිබේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close