free statistics

දිනක් තුල මෙරට හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ, 1,662 ක්


දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (30) දිනයේදී වාර්තා වුණා.

එම සංඛ්‍යාව 1,662 ක් වන අතර මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 1,531 දෙනෙකු වාර්තා වී තිබුනේ පෙරේදා (29) දිනයේදීයි.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 108,146 ක් වන අතර ඉන් 95,975 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,493 ක් වනවා.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 06 ක් වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close