free statistics

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් හුදෙකලා කෙ​රේ – හුදෙකලා කරන ලද ප්‍රදේශ මෙන්න


කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, තීනියාවල, මීගහතැන්න පොලිස් බලප්‍රදේශ වලට අයත් ග්‍රාම නිලධාරී වසම් 15ක් සහ පොලොන්නරුව පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 02ක් මේ මොහොතේ සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.  ඒ අනුව දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ පහතින් දැක්වෙනවා.

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ : බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම, ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම, මිදලන ග්‍රාම නිලධාරී වසම, මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම, පැළෑද ග්‍රාම නිලධාරී වසම, හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම සහ මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම.

තීනියාවල පොලිස් බලප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසම.

මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ : වල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම, මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම, බෝතලාව ග්‍රාම නිලධාරී වසම, කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම, පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බලප්‍රදේශය සහ සරුබිම ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇත.

මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 922 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කලේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close