free statistics
අද දැනට කොරෝනා ආසාදිතයන් 1,077ක් - වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේ

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,077ක් – වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේ


දිනක් තුළ සිදුකළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනය තුළ සිදුකළ බව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව ඊයේ (28) දිනයේ දී පීසීආර් පරීක්ෂණ 23,730ක් සිදුකර ඇති අතර, මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් සංඛ්‍යාව මිලියන 2.7කි. මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 362 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙරට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95,445කි.

අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 1,077 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close