free statistics
මුස්ලිම් පල්ලිවල යාච්ඤා කටයුතු අත්හිටුවයි - හුදකලා ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතුයි

මුස්ලිම් පල්ලිවල යාච්ඤා කටයුතු අත්හිටුවයි – හුදකලා ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතුයි


නැවත දැනුම්දෙනතුරු මුස්ලිම් පල්ලිවල තරාවි හෙවත් රාමසාන් උපවාස සමයේ සිදුකරන විශේෂ යාච්ඤා, ජුම්මා යාච්ඤා කටයුතු මෙන්ම සභා කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස වකුෆ් සභාව දන්වා ඇති බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, හුදකලා ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිලිපැදිය යුතු බව ද වකුෆ් සභාව දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ජමාත් යාච්ඤා කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපරිම 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ඉඩ පවතින බවටයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close