free statistics

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසා දමයි – බැංකු වාසා දමන ප්‍රදේශ මෙන්න


2 shares

පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (අප්‍රේල් 28) දින සිය බැංකු ශාඛා 23ක් වසා තබන බව ලංකා බැංකුව පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා බැංකුව මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව, බස්නාහිර පළාතේ හොරණ, රත්මලාන, ගුරුගොඩ, ඉංගිරිය, ගොතටුව සහ වැලිවේරිය යන ශාඛා ද මධ්‍යම පළාතේ දිගන සහ මහනුවර මහ රෝහල ශාඛාව ද උතුරුමැද පළාතේ රඹෑව ශාඛාව ද සබරගමුව පළාතේ කිතුල්ගල ශාඛාව ද, වයඹ පළාතේ වාරියපොළ සහ නිකවැරටිය ශාඛා ද දකුණු පළාතේ ගාල්ල අධිශ්‍රේණි ශාඛාව, ඉමදූව, යක්කලමුල්ල, බෙලිඅත්ත, හම්බන්තොට, මිද්දෙණිය ශාඛා ද සහ ඌව පළාතේ බුත්තල, ඇතිලිවැව, හපුතලේ, මොණරාගල ශාඛා සහ බදුල්ල ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානය අද දින වසා තැබෙනු ඇත.

එමෙන් ම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී සිය ශාඛාවන් විවෘත කෙරෙන වේලාවන් වෙනස් විය හැකි බව ද ලංකා බැංකුව සිය නිවේදනයෙන් දන්වා සිටියි.

 


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close