free statistics

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයන් 988 දෙනෙකු හඳුනාගැනේ


අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 988 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මීට අමතරව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් සදහා ලබාදීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා.

දෙවන මාත්‍රාවද පළමුව ලබා දෙන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා ආරක්‍ෂක අංශ සාමාජිකයින් වෙතයි.

ඒ අනුව ගම්පහ සහ කොළඹ දිස්ත්‍රීක්කවල පමණක් අද දිනයේ දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමේ කටයුතු සිදු කෙරෙන බවයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ නෙත් නිවුස් වෙත පැවුසවේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close