free statistics

කොවිඩ් රකුසාට එරෙහිව විසඳුමක් – දැන් පැතිර යන්නේ විකෘති මාරාන්තික ප්‍රභේදයක්


කොවිඩ් මර්දන එන්නත්කරණය තුළින් සමාජ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට නම් අවුරුදු 5න් ඉහළ ජනගහනයෙන් 90-95%ත් අතර පිරිසකට එන්නත්කරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශක ආචාර්ය සන්ජේ පෙරේරා පැවසීය.

මෙරට තුළ කොරෝනා වයිරසයට එරෙහිව සමාජ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට නම්  අවම වශයෙන් මුළු ජනගහනයෙන් 60%ක ප්‍රතිශතයකට එන්නත්කරණය කළ යුතුයි යන මතය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ලෝකයේ අලුතෙන් හදුනා ගන්නා ප්‍රභේද එංගලන්තයෙන් ආරම්භ වී යුරෝපා හා ඇමෙරිකාවේ පැතිර යන B117 ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන විකෘති මාරාන්තික ප්‍රභේද නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

නව ප්‍රභේද හමුවේ මෙරට එන්නත් කරන ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත තුළින් සමාජ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට නම් සමස්ත ජනගහනයටම එන්නත්කරණය කළ යුතු බව පෙන්වාදෙන සන්ජේ පෙරේරා මහතා අවධාරණය කරනුයේ ෆයිසර්, මෝඩර්නා හා ස්පුට්නික් එන්නත් තුළින් සමාජ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට නම් මුළු ජනගහනයෙන් 85% – 95%ක ප්‍රතිශතයකට එන්නත්කරණය කළ යුතු බවයි.

ප්‍රායෝගිකව ඉන් අදහස් කරනුයේ සමස්ත වැඩිහිටි ජනගහනයට හෝ අවුරුදු 5න් ඉහළ ජනගහනයෙන් 90-95%ත් අතර පිරිසකට එන්නත්කරණය කළ යුතු බව යැයිද හෙතෙම අවධාරණය කරයි. මෑත කාලීනව පැතිර යන නව ප්‍රභේදයත් සමඟ කොවිඩ් මර්දනය කිරීමෙහිලා එන්නත්කරණ වැඩපිළිවෙළ සැලසුම් කළයුත්තේ සිදුවිය හැකි බරපතළම කාරණා පිළිබඳව උපකල්පනය කරමින් නිසා අනාගතයේදී සිදුවිය හැකි බරපතළම දෙයට මුහුණදීමට නම් මුළු ජනගහනයෙන් 65%කට එන්නත්කරණය කිරීම තුළින් සමාජ ප්‍රතිශක්තිකරණයක් බලාපොරොත්තු විය නොහැකි බවද හෙතෙම පවසයි.

කොරෝනා මර්දනයෙහිලා විශ්වීය වශයෙන් ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය කිරීමට නම් අවුරුදු 3න් ඉහළ ජනගහනයට 90%ක් හෝ එයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් පෙන්වන එන්නතක් ලබාදිය යුතු බවද හෙතෙම පවසයි.

මේ හේතුවෙන් මුළු ජනගහනයෙන් 60%ක පිරිසකට එන්නත් කිරීමේ තීරණය පිළිබඳව යළි සලකා බැලිය යුතු බව පවසන ආචාර්ය සන්ජේ පෙරේරා අවධාරණය කරනුයේ මෙරට තුළ කොරෝනා වයිරසයෙන් කිසියම් ආකාරයක සතුටුදායක ආරක්ෂිත මට්ටමක් සඳහා මුළු ජනගහනයෙන් 84%කටවත් එන්නත්කරණය කළ යුතු බවයි.

ඒ සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් තොග ලබා ගත හැකිද, ඒ සඳහා  ගතවන කාලය සහ නිෂ්පාදන ධාරිතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද පවසන හෙතෙම පෙන්වා දෙනුයේ වඩාත් ඵලදායිතාවක් ලබාගැනීම සඳහා මේ වනවිට ඉන්දීය සෞඛ්‍ය අංශ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා 4ක් ලබාදීමට තීරණය කර ඇති නිසා ඒ පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් බව පෙන්වා දෙයි.

-ජේ.ටී. ද සිල්වා, සවනි ශේශාධි


Like it? Share with your friends!

2 Comments

Your email address will not be published. Required fields are marked *

  1. Obathumage kathavanam hodai Hebei ahinsaka minussungen gaththa mudal deela hitiyanam hodai neda? Aduma tharame Mata mage salli bagayakvath denna? Ehema nethnam mage Badu beraganna sallivath denna pls, den salli tikak hari athine, Mata 100,000/- vath denna pls,

close