free statistics

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අද සිට වැසෙයි – තවත් කොරෝනා මරණ 8 ක්


1 share

තවත් කොරෝනා මරණ 8 ක් ඊයේ (27) දිනය තුළ තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා. ඒ පොල්ගොල්ල, හෙට්ටිපොළ, මතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහපැලැස්ස, වත්තල සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශ වලින්. ඒ සම​ඟ කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අද (28) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසනවා. මීට හේතු වී ඇත්තේ එම පිවිසුමේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමයි.

කෙසේ වෙතත් බස්රථ සහ ගිලන් රථ සඳහා කොට්ටාව පිවිසුම විවෘතව පවතින අතර මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට අතුරුගිරිය සහ කහතුඩුව පිවිසුම් මාර්ග භාවිත කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් කොට්ටාව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුළු කළ හැකි නමුත් එම කවුලු තුළින් ප්‍රවේශපත් නිකුත් නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close