free statistics

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කොරෝනා නිසා වදා දමයි


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් 42 නෙකු හඳුනාගෙන තිබීම හේතුවෙන් අද සිට දින 3 ක් ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්, ලොතරැයි අලෙවිකරුවන් හා නාට්ටාමිවරුන් ඇතුළු පිරිස් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

පසුගිය සිකුරාදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ අහඹු කොරෝනා පරීක්ෂණ 190ක් සිදුකර තිබුණා. ඉන් 42 නෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close