free statistics

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයටත් කොරෝනා එයි


රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල, ඉන්ජිනේරු පීඨයේ සිසුන් දෙදෙනකුට කොරෝනාවෛරසය ආසාදනයවී ඇතැයි අද (අප්‍රේල් 23) තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුහු වවුනියාව තේක්කවත්ත සහ වේයන්ගොඩ, තල්ගස්මොටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.

ඉන්ජිනේරු පීඨයේ සිසුන් 265 දෙනෙකුට පසුගිය අප්‍රේල් 21 වන දා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම ආසාදිත සිසුන් දෙදෙනා හඳුනාගෙන ඇත.

මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකුට ද කොරෝනාවෛරසය ආසාදනයවී තිබේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close