free statistics

”කොරෝනා නව ප්‍රභේදය ඉතා අවදානම්” මහාචාර්ය නීලිකා මලවිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය


මේ වන විට ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනාවෛරස් නව ප්‍රභේදය ඉතා අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම නව ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකුට වැඩි පිරිසකට ආසාදනය වීමේ අවදානමක් පවතින බවය.

මේ අතර, මේ වන විට පවතින කොරෝනාවෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මෙම ප්‍රභේදය පෙර පැවති ප්‍රභේදයට වඩා වෙනස් එකක් බවය.

පසුගිය කාලයේදී කුඩා නිවසක පවා එක් අයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වූ අවස්ථාවල සෙසු පවුලේ සාමාජිකයින්ට එය ව්‍යාප්ත වීම ඉතා අඩු මට්ටමක පැවති බවය.

එහෙත්, මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇති අතර වැඩි දෙනෙකුට ආසාදනය වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඔහු පැවසීය.

මේ හේතුවෙන්, කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාවගේ අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close