free statistics

කළුතරින් ආසාදිතයන් 16 ක් – ඉදිරියේදී හුදෙකලා කරන ප්‍රදේශ වැඩිවෙයි


8 shares

කළුතර පයාගල හොරගස්කැලේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය තුළින් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් 200 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. ආශ්‍රිතයන් සියලුම දෙනා අද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා

දැනට ව්‍යාප්ත වන වෛරස සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් පවතින බවත් ආසාදිතයන් වාර්තා වී පැතිරයාමේ තත්ත්වයක් ඇති වුවහොත් එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කරන බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

හුදෙකලා කිරීමේ තීරණය ගනු ලබන්නේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් බවත් කෙසේ නමුත් ඉදිරියේදී හුදෙකලා කරන ප්‍රදේශ වැඩි විය හැකි බව හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

එය අනිවාර්යෙන්ම සිදු කරන බව හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

8 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close