free statistics
ඇස්ට්‍රාසෙනෙකා ලබාදුන් තිදෙනෙක් රුධිරය කැටිගැසීම හේතුවෙන් මිය ගියා

ඇස්ට්‍රාසෙනෙකා ලබාදුන් තිදෙනෙක් රුධිරය කැටිගැසීම හේතුවෙන් මි ය ගියා


ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු මි ය ගිය බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේය.

එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් මෙරට ද පුද්ගලයින් 06 දෙනෙකු රුධිරය කැට ගැසීමේ සිදුවීම් වාර්තා වූ බවයි ඇය සඳහන් වැඩි දුරටත් සදහන් කළේ. 

එමෙන්ම මේ දක්වා කොවිඩ් එන්නත ලබාදීමෙන් රුධිර කැට ගැසීමේ ප්‍රවනතාවය සම්බන්ධයෙන් මේ දක්වා පැහැදිලි සාක්ෂියක් හෙළිවී නොමැති බවයි සෞඛය අමාත්‍යවරිය පවසනවා. 

මෙරට කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු යම් පුද්ගලයෙකුට සංකුලතාවයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට (0113-415985) යන අංකය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති බවත් ඊට අමතරව කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මේ අතර මෙරට කොරෝනා මර්ධන එන්නත ලබාදුන් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදිම ලබන මැයි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කරන බවටද ඇය මෙහිදී ප්‍රකාශ කර සිටියා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close