free statistics
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ලැබුණු රුපියල් බිලියනයක ආධාර මුදලට මොකද වුණේ?'

පාස්කු සිදුවිමේ වින්දිතයන් වෙනුවෙන් ලැබුණු රුපියල් බිලියනයක ආධාර මුදලට මොකද වුණේ?’


පාස්කු සිදුවිමේන් විපතට පත් වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය පාස්කු සිදුවිමේන් තෙමසකට පසු ලබා දුන් රුපියල් බිලියනයක ආධාර මුදලට කුමක් සිදුවූයේ ද? යන්න ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ විමසා සිටියහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, පාස්කු සිදුවිමේන් වසර 2ක් පිරීම නිමිත්තෙන් අද (අප්‍රේල් 21) කොච්චිකඩේ දේවස්ථානයේ පැවති ප්‍රධාන දේව මෙහෙය අමතමිනි.

“මේ මොහොත වන තෙක් අපි විමසමින් සිටියා එවන් මහා ධනස්කන්ධයක ආධාරයෙන් අපේ විපතට පත් වූ පවුල් නැගී සිටියා ද යන්න. එහෙත් ඒ සඳහා නිසි තොරතුරක් නැති නිසා අපි අද රහස් පොලිස් මූලස්ථානයට පවරනවා වගකීම මේ බිලියනයක මුදලට කුමක් ද වුණේ? මේ අනතුරට පත් වුණ ජනතාව වෙනුවෙන් මේ මුදල වියදම් කළා ද? අදත් අසරණව ඉන්න මිනිස්සු, තමන්ගේ පවුලේ වගකිවයුත්තන් මිය යාම නිසා අසරණභාවයට පත්වෙච්ච පවුල් වෙනුවෙන් මේ මුදල් වැය කළා ද? කියන ප්‍රශ්නය අපි රජයට ම භාර කරනවා රහස් පොලිසියට ම භාර කරනවා ඒ පිළිබඳව තොරතුරු හොයන්න,” යනුවෙන් සෝභිත හිමි පැවසූහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ, විපතට පත්වූවන්ගේ යහපත වෙනුවෙන් පාස්කු සිදුවිම සිදු වී තෙමසකට පමණ පසු එනම්, 2019 ජුලි 30 වන දා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් මෙරටට ඩොලර් මිලියන 5ක එම ආධාරය පිරිනැමූ බව ය.

තව ද එහි දී උන්වහන්සේ එහිදී පැවසුවේ, ජනතාවගේ ආරක්ෂාව සැලසීම යන මූලික වගකීම සැපිරීමට පසුගිය රජය අපොහොසත් වූ බවත් වර්තමාන රජය විසිනුත් ප්‍රමාණවත් අවධානයක් මේ සම්බන්ධයෙන් නොයෙදූ බවටත් රටේ සෑම දෙසින් ම චෝදනා එල්ල වන බව ය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close