free statistics

රිය අනතුරක් සිදුකොට පළාගිය මන්ත්‍රී විජයදසගේ පුත්‍රයා අත්අඩංගුවට


වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සිදුකොට පලා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රී පුත්‍රයා පැදවූ මෝටර් රථය ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධියෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වාහනය නතර නොකර ගොස් ඇති අතර  කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  මේ වන විට ඔහු පොලිස් අරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close