free statistics
රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස්හි - හිස්වන පුටුවට එන්නේ කවු ද?

රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස් – හිස්වන පුටුවට එන්නේ කවු ද?


රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7)  පැවැසීය.

මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයි කීය.

කෙසේ වෙතත් මන්ත්‍රී පුරප්පාඩුව පිරවීමට තවමත් සුදුස්සෙකු පත් කර නොමැත

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.

Update – 11:45AM/4/7/2021

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වීමත් සමග එම අසුන සඳහා මීලගට සුදුසුකම් ලබන්නේ මනාප ලැයිස්තුවේ 05 වන ස්ථානය දිනාගත් හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතායි.

ඔහු ලබාගෙන තිබූ මනාප ඡන්ද සංඛ්‍යාව 47 දහස් 212 ක්.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close