free statistics
උත්සව සමයේ සාප්පු සාවාරි යන ඔබට - යුද හමුදාපතිගෙන් විශේෂ පණිවිඩක්

උත්සව සමයේ සාප්පු සාවාරි යන ඔබට – යුද හමුදාපතිගෙන් විශේෂ පණිවිඩක්


සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපදින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට කොවිඩ වසංගතය ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇති බව ද එම දැනුම මත කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට සියලු ජනතාව කටයුතු කළ යුතු බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

“ඉදිරි දින කිහිපයේ දී ලක්වාසී ජනතාව හැසිරෙන ක්‍රමවේදය අනුව කොවිඩ් රෝගීන් අඩු කර ගැනීම හෝ වැඩිකර ගැනීමට හැකියාවක් තියෙනවා. අපි හිතනවා බුද්ධිමත් ශ්‍රී ලාංකිය ජනතාව විසින් මේ සෞඛ්‍ය හුරුපුරුදුවලට අනුගත වෙමින් කටයුතු කරයි කියලා. අහඹු පරීක්ෂණ සෑම ප්‍රදේශයකම කරලා කෙසේ හෝ ආසාදිතයින් සමාජය තුළ සිටී නම් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.“


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close