free statistics
මට රෝසි සේනානායක වගේ වෙන්නයි ඕන - ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා කියයි

මට රෝසි සේනානායක වගේ වෙන්නයි ඕන – ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා කියයි


ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ යළිත් වරක් පුෂ්පිකා ද සිල්වා වෙත පිරිනැමීම ඊයේ පස්වරුවේ සිදු කෙරිණි.

යළිත් කිරුළ පැළඳවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු ලෝක විවාහක රැජිණක වන රෝසි සේනානායක මහත්මිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළාය.

ඇය පැවසුවේ, කවුරුන් විවාහක රූ රැජිණ ලෙස වසරින් වසර පත් වුව ද ශ්‍රී ලංකාවේ සැබෑ තාරකාව රෝසි සේනානායක මහත්මිය බවය.

තමන්ට සිදුවූ අසාධාරණය හමුවේ රෝසි සේනානායක මහත්මිය තමන් වෙනුවෙන් කළ සියලු දේ වෙනුවෙන් ස්තුතිවන්ත වන බව ද පුෂ්පිකා ද සිල්වා මහත්මිය මෙහිදී පැවසීය.

තමන්ගේ ජීවිතයේ ආදර්ශය ලෙස සලකනුයේ ද රෝසි සේනානායක මහත්මිය බව ද ඇය සඳහන් කළාය.

තමන් අනාගතයේදී රෝසි සේනානායක මහත්මිය වැනි චරිතයක් ගොඩ නගා ගැනීමට කැමැත්තෙන් පසු වන බව ඇය පැවසීය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close