free statistics
කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසියට - සමාව ඉල්ලා ප්‍රකාශයක්

කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසියට – සමාව ඉල්ලා ප්‍රකාශයක්


2 shares

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේ අවසන් තරගයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ තරගාවලි සංවිධායකයන් සිය අප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, වර්තමාන ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමි කැරොලයින් ජූරිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය දැඩි කැළඹීමකට පත්වෙන බවත් කනස්සල්ලට පත්වෙන බවත් ය.

කැරොලයින්ගේ හැසිරීම ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේ ආචාරධර්ම පද්ධතියට පටහැනි බව ඔවුන් එහි සඳහන් කර ඇත.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් තම සංවිධානය සමාලෝචනය කර එහි ප්‍රථිපල අනුව කැරොලයින් සම්බන්ධයෙන් පියවර ගන්නා බව ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

එමෙන් ම, වර්තමාන ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරිට මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් සිදු කරන ලෙසත් ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගාවලියේ ලෝක අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා ඉදිරියේදී ඒ සඳහා කටයුතු කරන බවත් ඔවුන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

කැරොලයින් ජූරිට සිය ක්‍රියාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෙසත් ඒ පිළිබඳව සමාව ගන්නා ලෙසත් දැනුම් දීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ලෝක විවාහක රූ රැජිණ තරගාවලි සංවිධායකයන් වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් පූර්ව නිගමනවලට එළඹීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරගය සඳහා එවනු ලබන තරගකාරිය නීත්‍යනුකූලව විවාහවී ඇත්නම් ඔවුන් ඇය පිළිගන්නා බවත් ය.

මේ සම්බන්ධයෙන් අප සිදු කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගාවලියේ ලෝක අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේ, ලෝක විවාහක රූ රැජිණ තරගාවලි සංවිධායකයන් තමන්ට සම්පූර්ණ බලය පවරා ඇති බවත් සිදුවීම පිළිබඳව සමාව ඉල්ලා ප්‍රකාශකයක් කරන ලෙස වර්තමාන ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මියට දැනුම් දී ඇති බවත් ය.

එමෙන් ම, ඇයගේ ක්‍රියාව සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද සංවිධායකයින් පවත් වන බව චන්දිමාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර, අදාළ සිද්ධියට මුහුණ පෑ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිදු කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කැරොලයින් ජූරි මහත්මිය අද (අප්‍රේල් 6) කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණ තිබේ.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවය.


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close