free statistics
පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව

පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව


ප‍්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් අද (06) දින ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ලබාදීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන එස්. යූ. නාරංගොඩ සහ බී. එම්. බී. ඞී. නීලකාන්ති යන දෙදෙනා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇතැයි අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා පවසයි.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් පිළිකාකාරක සහිත ආහාරපාන බොහොමයක් පවතින බවට මාධ්‍ය වෙත කියා සිටි කරුණ සම්බන්ධයෙන් මේ කඩිනම් වාර්තාව ඉල්ලා සිටි බවත් ඒ අනුව අදාළ වාර්තාව ප‍්‍රමිති ආයතනය විසින් අද දින ලබාදීමට නියමිත බවත් අග‍්‍රමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.


Like it? Share with your friends!

One Comment

Your email address will not be published. Required fields are marked *

  1. ඇත්තටම ලංකාවේ හදන ඔක්කෝම වහ තමයි. පුළුවන් තරම් තමන්ගේ ගෙවත්තේ හැදෙන දේවල්ම කන්න

close