free statistics
වහාම ක්‍රියාත්මක පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

වහාම ක්‍රියාත්මක පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ


වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල්ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දීඇතිඋදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරනලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාටඋපදෙස් දී තිබේ.මේ සමගම කටු පොල් වගාව දසම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

මේ අතර කටු පොල් වගාව සම්පූර්ණයෙන්මතහනම් කිරීමට අතිගරු ජනාධිපතිතුමා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේනියෝග පනවා ඇත. මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස6කට පමණ පෙරය.

දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියරවරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමටඑම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස්දීඇත.

මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විටකටු පොල් වගාව සහ ෆාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close