free statistics
තමන්ගේම ලෙයින් උපන් පුංචි දියණියන් දෙදෙනාව, දූෂණය කළ කඹුරුපිටියේ නරුම තාත්තා කෙනෙකුට ලැබුණු දඬුවම

තමන්ගේම ලෙයින් උපන් පුංචි දියණියන් දෙදෙනාව,දූෂණය කළ කඹුරුපිටියේ නරුම පියා


අධික ලෙස බීමතින් පැමිණි පියා කළ දේ දියණියන් කියයි…

කඹුරුපිටිය පොලිස් වසමේ ගතාර ප්‍රදේශයේදී මීට වසර 08ට ඉහතදී තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 03ක් යටතේ පැවැති නඩු හතරකට මාතර මහාධිකරණයේදී පෙරේදා (30දා) වැරැදිකරු වූ 45 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු හතරට වසර හැටක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියම කළේය.

සිර දඬුවමට අමතරව එක් නඩුවකට රුපියල් දස දහස බැගින් නඩු හතරට රුපියල් හතළිස් දහසක දඩ මුදලක්ද දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක්ද නියම විය.

වින්දිත දැරියකට එක් නඩුවකට රුපියල් පනස් දහස බැගින් නඩු හතරට රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් වන්දියක් ලෙස ගෙවන ලෙසට නියම වූ අතර වන්දි මුදල් නොගෙවන්නේනම් වසර හතරක සිර දඬුවමක්ද නියම විය.

සිර දඬුවම්, වන්දි මුදල් සහ දඩ මුදල් නියම වූයේ කඹුරුපිටිය, ගතාර පදිංචි අතපත්තු හේවගේ විජිත (45) යන අයටය.

අධික ලෙස බීමතින් පැමිණි විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය විය.

2011 දෙසැම්බර් 31 දින, 2012 ජනවාරි 01 දින, 2012 අප්‍රේල් 15 දින සහ 2014 ජනවාරි 01 දින යන දිනයන්හි වයස අවුරුදු 14 සහ 16 හැවිරිදි පාසල් දැරියන් වන තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම යන චෝදනා තුනක් යටතේ නඩු හතරකින් අතපත්තු හේවගේ විජිත (45) යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ ක්‍රිශාන්ත අල්විස්, ගයාන් පෙරේරා මහත්වරු පෙනී සිටියහ.

ඌරුබොක්ක – අතාවුද පතිරණ, මාතර – උදය කුමාර රණවීර
මව්බිම පුවත්පත..


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close