free statistics
PCR අඩු වුණා ද? අඩු කළා ද?: කොරෝනා ආසාදිතයින් අඩු වෙලා ද? හංගලා ද?

PCR අඩු වුණා ද? අඩු කළා ද?: කොරෝනා ආසාදිතයින් අඩු වෙලා ද? හංගලා ද?


1 share

මෙරට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමට හේතුව දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් අඩුවීම බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (අප්‍රේල් 1) පැවති මාධ්‍ය හමුවකදී ය.

වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවට සිදු කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව සමානුපාතික වීමට හේතුව ආසාදිතයෙකු වටා නිර්මාණය වන ආශ්‍රිතයන්ගේ පොකුර බව වෛද්‍යවරයා පැවසීය.

කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ විට එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් සොයා බලා ඔවුනට ද පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට සිදු වේ.

ආසාදිතයන් බහුලව වාර්තා වන විට ඔවුන් සියලු දෙනාට අදාළව නිර්මාණය වන ආශ්‍රිතයන් ගණන ද ඉහළ අගයක් ගනී.

එවිට සිදු කිරීමට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ද ඊට සමානුපාතිකව ඉහළ යයි.

නමුත් මෙරටින් ආසාදිතයන් වාර්තා වීම ක්‍රමයෙන් අවම වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව ද අවම අගයක් වූ නිසා සිදු කළ යුතු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ද අවම විය.

ඒ හේතුවන් මෙරට දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව පහළ අගයක් ගත් බව සුදත් සමරවීර මහතා පැහැදිලි කළේය.

තව ද අවදානම් ස්ථාන හඳුනාගෙන අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව ද වෛද්‍යවරයා පැවසීය.

ආසාදිතයන් අවම වුව ද එයින් ජනතාව ආරක්‍ෂිත බවට ප්‍රකාශ කළ නොහැකි බවත් මුහුණු ආවරණ පැළඳීම, සනීපාරක්ෂක දියර භාවිතයෙන් දෑත් පිරිසිදු කිරීම, අත් සේදීම සහ සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම අඛණ්ඩව අනුගමනය කරන ලෙස ද වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

-ප්‍රියාශා හෙට්ටිහේවා


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close