free statistics

අමිතාබ් බච්චන් අගය කළ ශ්‍රී ලාංකික සින්දුව


2 shares

තමන් රඟපෑ කලියා චිත්‍රපටයේ “Jahan teri ye nazar hai” ගීතයේ වීඩියෝව සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” සමඟ සම්මිශ්‍රණය කරන ලද වීඩියෝ පටයක් බොලිවුඩයේ ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් විසින් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

මෙම වීඩියෝ පටය සංස්කරණය කළේ තම මිණිබිරිය නව්‍යා නවේලි බවත් ඔහු එයට ඉතා කැමති බවයි අමිතාබ් බච්චන් සඳහන් කර සිටියේ.

“මැණිකේ මගේ හිතේ” යන ගීතය ශ්‍රී ලංකාවේ කලාකරුවන් වන සතීෂාන් රත්නායක සහ යෝහානි ද සිල්වා විසින් ගායනය කරන ලදක් වනවා.

ඇදහිය නොහැකි ශ්‍රී ලාංකික ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයටමා රඟපෑ කාලියා චිත්‍රපටයේ ගීතයක දර්ශන සංස්කරණය කරමින් මාගේ මිණිබිරිය වන නවියා නැවෙල් විසින් සකස් කරන ලද වීඩියෝව.. මුළු රැය පුරාම මේ ගීතය රසවින්දා… එයට සවන් දීම නැවැත්විය නොහැකෝ,” අමිතාබ් භච්චන් ප්‍රකාශ කර සිටිනවා.

Related Articles


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close