free statistics
ස්විස් හමුදාවට බැඳෙන කාන්තාවන්ට 'ස්ත්‍රී යට ඇඳුම්' ඇඳීමට අවසර

ස්විස් හමුදාවට බැඳෙන කාන්තාවන්ට ‘ස්ත්‍රී යට ඇඳුම්’ ඇඳීමට අවසර


තම රටේ හමුදාවේ සිටින කාන්තා සාමාජිකයන්ට ස්ත්‍රී යට ඇඳුම් ඇඳීම සඳහා අවසර ලබා දීමට ස්විට්සර්ලන්තය පියවර ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ස්විට්සර්ලන්තය පළමු වරට මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ තම හමුදාවට බැඳෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය වර්ධනය කරගැනීමේ උත්සාහයක් වශයෙන් බවයි සඳහන් වන්නේ.

දැනට පවතින ක්‍රමය අනුව, හමුදාවට බැඳෙන භටයන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් කට්ටලයට අයත් වන්නේ පිරිමි යට ඇඳුම් පමණයි.

හඳුන්වා දීමට යන අලුත් ක්‍රමය යටතේ, ස්විට්සර්ලන්තයේ හමුදාවට එක්වන නව සාමාජිකාවන්ට ලබා දෙන නිල ඇඳුම සමඟ ග්‍රීෂ්ම සහ ශීතල කාලවලදී ඇඳිය හැකි ස්ත්‍රී යට ඇඳුම් කට්ටල දෙකක් සැපයීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙම අත්හදා බැලීම ලබන මාසයේ පටන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ස්විට්සර්ලන්ත සන්නද්ධ හමුදා තුළ කාන්තා ප්‍රතිශතය 1%ක් වන අතර වසර 2030 වන විට එය 10% දක්වා වර්ධනය කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇති බවයි

මේ දක්වා හමුදා සාමාජිකාවන්ට තම සිරුරේ ප්‍රමාණයට සරිලන මට්ටමට වඩා මදක් වැඩි ප්‍රමාණයකින් යුත්, ලිහිල් වූ පිරිමි යට ඇඳුම් ලබා දී ඇති බව වාර්තා වන අතර ඒවා ඇඟ ලා සිටීම අපහසු බවයි පැවසෙන්නේ.

ස්විස් හමුදා ප්‍රකාශක කායි ගුනර් සීවර්ට් කියා සිටියේ හමුදාවට සැපයෙන ඇඳුම් ආයිත්තම් යල් පැනගිය තත්ත්වයකට පැමිණෙමින් ඇති බවය.

video link


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close