free statistics

ආයුර්වේද ප්‍රතිකාර ලැබූ කිසිදු ආසාදිතයෙක් මිය’ගිහින් නෑ – 2843 කට පූර්ණ සුවය


ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිතයන් දෙදහස් අටසිය හතළිස් තුන්දෙනකු (2843) සංකූලතාවකින් තොරව සම්පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බව ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන පැවසීය.

ඊයේ (11 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ආයුර්වේද රෝහල් වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කිසිදු කොවිඩ් ආසාදිතයකු මිය’ගොස් නොමැති බවය.

මේ වනවිට ආයුර්වේද රෝහල්වල කොවිඩ් ආසාදිතයන් අටසිය තිස් පහක් (835) නේවාසිකව ප්‍රතිකාර ලබන බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම ආසාදිතයන් සුවය ලැබීමෙන් පසු පශ්චාත් ප්‍රතිකාර සිදු කිරීමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close