free statistics

සැලසිනේ මහා වංචාව මෙන්න.


සැලසිනේ, අල්ලස් කොමිසමෙනුත් අල්ලස් ගත් ඉතිහාසයක් ඇති අයතනයකි.එහෙම කීවේ හිටපු ජනපති මෛත්‍රපාල සිරිසේනය.අනන් ඒ සැලසිනෙ අද තත්ත්වය ඊට අන්තය.මේ ආණ්ඩුව ආ විගස සැලසිනෙ වැඩ පටන් ගත්තේ සේවකයින් 7ක් එළියට දමලා ය.එහි සිටින්නේත් සේවකයින් 70කි.මේ වනවිට 18ට ආසන්නව මේ ඉවත් කර ඇත..ඒ අතර ප්‍රධාන ගණකාධිකාරී,සැපයුම් කළමණාකරු, අභ්‍යන්තර විගණක,සැපයුම් හා වැඩබලන මානව සම්පත් කලමනාකරුද වේ.

මේ වෙනකොට සැලසිනේ තියෙන්නේ චිත්‍රපට සංස්ථාව සතු ගොඩනැගිල්ලක මාසිකව ලක්ෂ තැනක කුලියටය.
නමුත් වත්මන් පාලනාධිකාරය කොළඹ 7,සරණ මාවතේ අලුත් ගොඩනැගිල්ලක් ගෙන ඇත.ඒ කුලී පදනමටය.ඊට පළමු වසර දෙක තුල මාසිකව හය ලක්ෂ හැත්තෑපන්දහසකට කුලී වෙන අතර 2වෙනි වසරේ සිට හත්ලක්ෂ විසිපන්දහසක කුලියක් ගෙවිය යුතුය .ඒ ආකාරයට වැඩිවෙන කුලිය අවසන් වෙන්නේ මාසිකව නවලක්ෂයකට වැඩි මාසික කුලියකිනි.

•• සථාවර තැන්පතුවටත් කෙලී

මේ කුලී ගොඩනැගිල්ල ගන්න මුදල් සපයා ගත්තේ ආයතනය සතු සථාවර තැන්පතුවක ලක්ෂ තුන්සිය තිහක් ලබාගෙනය.ඒ සථාවර තැන්පතුව ආරම්භ කළේ යහපාලන සමයේය .ඒ ඇමති මංගල සමරවීරගේ සමයේ ය.ඔහුගේ පාලන සමයේ සැලසිනේ ක්‍රමවත් තත්ත්වයක් ලබා ගත්තේය.

එයින් ලක්ෂ210ක් අලුත්වැඩියා කරන ආයතනයකට ගෙවා ඇත.ඒ ආයතනයේ නම ස්කයි ලියින් ඩිසයිනින් ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ට්‍රක්ෂන්ස් ය .එහෙම ආයතනයක් සැලසිනේ ලියාපදිංචි වෙලාවත් නැත.චක්‍රලේකය අනුව කොන්ත්‍රාත් මුලදින් ගෙවන්න පුලුවන් වන්නේ 20% පමණයි.එහෙම ගෙවනු ලබන්නටද බැංකු ඇපකරයක් අවශ්‍යය.නමුත්,ඒ කිසිවක් නැතිව ලක්ෂ දෙසීයකට වැඩි මුදලක් ලිපිනයක් නැති ආයතනයකට නිදහස් කොට ඇත.

•• අනුමැතිය කෝ

මේ ගොඩනැගිලි ලබා ගැනීමට කිසිම අනුමැතියක් නැත. භාණ්ඩාගාරයේ හෝ අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය නැත.
අනෙක් අතට ටෙන්ඩර් කමිටුවේ නීති ප්‍රකාරව ගොඩනැගිලි අයිතිකරුට මේ ලක්ෂ දෙසිය දහය ගෙවන්න කියා නීතියක් තිබුනද මේ මුදල් ගෙවා ඇත්තේ කොන්ත්‍රාත්කරුටය.

•• සැපයුම්කරුවන් අනාතයි

සැලසිනේ අභ්‍යන්තර නිෂ්පාදන කටයුතු සිදුවෙන්නේ නැත.ඒ නිසා තුන්වෙනි පාර්ශවයකත් එහි ග්‍රැෆික්,ඉවෙන්ට්ස්,නිර්මාණ සියල්ල ඒ වැඩ කරන්නේ එවන් තෙවැනි පාර්ශවයන් ය. එහිදී ආයතනයට අයත් ලාබය 15%කි.ඒ නිසා වියදම් කළ හැකි වෙන්නේ ඊට යටත් මුදලක් පමණි.මේ වෙනකොට සැපයුම් කරුවන්ට ගෙවන්න රුපියල් ලක්ෂ280 මුදලක් ගෙවන්නට තිබේ.. ඒ මුදල ආයතනයට ලැබි තිබියදීත් ගෙවන්නේ නැතිව රඳවාගෙන වෙනත් වැඩ වලට යොදවමින් සිටී.

එහෙත්ආයතනය සතු ඒ මුදල් වලින් ලක්ෂ 120ක් වෙනත් සැපයුම්කරුවන්ට ගෙවා ඇත්තේ 20% බැංකු ඇපකරයවත් නැතිවය.
මේ වෙනකොට මාස තුනකට වැඩි කලක් තිස්සේ සැලසිනේ වෙබ් අඩවිය හදන්න කටයුතු කරනඅතර ඒකට ලක්ෂ 7ක් මේ වෙනකොට ගෙවා ඇත.එහෙ අදටත් වෙබ් අඩවිය නැත.

•• OT ගන්න කළමණාකරුවෝ

මේ වෙනකොට සියලුම චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මාණ්ඩලික කළමණාකරුවන්ට අතිකාල දීමනා ගෙවයි. ඒක නීති විරෝධිය. ගිය මාසයේ සාමාන්‍යාධිකාරී රු.99000ක අතිකාල දීමනා අරගෙන ඇත. ඒ නිසා අතිකාල දීමනා මුදල ලක්ෂ 9කින් ඉහළ ගොස් ඇත.

•• නුවරින් තොග පිටින් සැලසිනෙට

සේවකයින් 15ට ආසන්නව නුවරින් අරගෙන තිබෙන අතර ඒ අයට වෙනම නේවාසික පහසුකම් ලබා දී ඒවාට කුලී ගෙවන්නේ ආයතනය ය. සති අන්තයේ නුවරට සහ නැවත සඳුදට නුවරින් කොළඹටත් රැගෙන එන්නට ප්‍රවාහන පහසුකම්ද ලබා දෙයි. ඊට අමතරව නේවාසික නිවසේ සිට එන්නට දිනපතා ප්‍රවාහන පහසුකම්ද ලබා දෙයි.මේ නිසා වෙනදට වඩා පෙට්‍රල් බිල සහ බාහිර ප්‍රවාහන ගාස්තු පමණක් ලක්ෂ 7කින් ඉහළ ගොස් ඇත.

•• මාධ්‍ය හැඳුනුම්පත අවභාවිතා කරන හැටි

මේ වෙනකොට ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකුට ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දී ඇත.ඔවුන් අලෙවි නිලධාරීන් මිස මාධ්‍ය නිලධාරීන් හෝ මාධ්‍යවේදීන් නොවේ.ඔවුන් මාධ්‍ය හැඳුනුම්පත අවභාවිතා කරන්නේ එහෙමය.

•• රටවැසි යුතුකමේ මගඩිය

තව මේ ආයතනය corona ව්‍යසනය විකුණගෙන කයි. ‘රට වැසි යුතුකම’ නමින් ව්‍යාපෘතියක් අරඹා ඒහි සමාජ මාධ්‍ය ප්‍රචාරණයට කියා (social media) ලක්ෂ 7ක අත්තිකාරම් zoom එකට දී ඇත. එහෙත් එක දැන්වීමක් හෝ සමාජ මාධ්‍යවල ගොස් නැත. පලවූයේ සැලසිනේ facebook page එකෙ විතරය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close