free statistics

ගංවතුරේ බිරිඳ ඔසවාගෙන රෝහලට ගිය කුමාරගේ කැදැල්ලට අමුත්තෙක් ඇවිත්


කුමාර ජීවත්වුනේ හිනිදුම කොඩිකන්ද කියන ගම්මානයේ. කුමාරගේ බිරිඳ සිය කුසතුළ වූ දරුවා සුපුරුදු ලෙස ප්‍රතිචාර නොදැක්වීම නිසා හිනිදුම රෝහලට ඇතුලත් කලත් එහි පහසුකම් නොමැතිවීමේ පසුබිමක ගංවතුරෙන් ප්‍රදේශයේ මාර්ග සියල්ලක්ම පාහේ ජලයෙන් යටවී තිබු අවස්ථාවේ බිරිඳ ජලයේ ඔසවාගෙන ගොස් උඩුගම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් ඔහු බිරිඳ ඔසවාගෙන ගංවතුරේ ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ෆේස්බුක් ගිණුමේ පළවීමත් සමඟ බොහෝ පිරිසක් කුමාරගේ එම ක්‍රියාව ගැන පැහැදීමෙන් කතා කලා. රෝහලෙන් නිවස කරා පැමිණි ඔවුන්ට සිදුවූයේ ඔවුන් පදිංචිව සිටින නිවසින් බැහැරවීමටය.ඒ වතු පාලකවරයා විසින් කල දැනුම්දීම අනුවය.

ඒ අනුව අදදෙරණ පුවත් ඔස්සේ කුමාර පත්වී ඇති තත්වය සැළකිරීමත් සමඟ විවිධ පාර්ශව විසින් කුමාරට උදව් කිරීමට කටයුතු කලා.
ඒ අනුව ශ්‍රීලංකා නාවික හමුදාව,ජාතික යොවුන් සේනාංකය කුමාරට නිවසක් ලබාදීමට කැමත්ත පලකල අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද ඒ සඳහා මැදිහත්වීමට කැමත්ත පලකලා.

ඒ අනුව තවලම ප්‍රාදේශීය ලේකම් ධම්මික එස් වීරකෝන් මහතාගෙන් ඉඩමක් වෙනකර දෙන ලෙස අප ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී මහතා ඔස්සේ ඉල්ලීමක් කලා. ඒ අතරතුර කුමාරට තාවකාළිකව පහසුවෙන් ජීවත්වීම සඳහා කුළී නිවසක් සපයා දීමට නෙළුවේ ප්‍රාධාන පෙළෙ මුල්‍ය ආයතනයක් ඉදිරිපත් වුනා.
ඒ සඳහා උදව් කලේ Rashmi Madushanka Wickramasingha මහතා..

කුමාර ජීවත් වුනේ කුළී වැඩ කරමින්…ඒ අතර තුර තමයි ඔහුට චාන්දනී කුමාරි හමුවන්නේ.. එක නිවසක ජීවත් වුනත් ඔවුන් නීතියෙන් විවාහ වෙලා හිටියේ නැහැ.. ඔවුන් දෙදෙනා විවාහ කරන්න හිනිදුම උතුර ග්‍රාම නිළධාරී මහතාගේ මැදිහත්වීමෙන් පූජ්‍ය Kadihingala Vineetha හාමුදුරුවන්ගේ අනුශාශකත්වයෙන් ජුනි මස 19 වෙනිදින හිනිදුම නිලසෙවන කාර්‍යාලයේ සිදුකලා.

සාක්ශිකරුවන් විදියට මමත් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සේවය කරන Janith Ruwan Withanage මල්ලිත් අත්සන් කලා.
කෙසේ වෙතත් එම සිද්ධිය ඇතැමුන් හොර රහසේ කල ක්‍රියාවක් ලෙස සිතා සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ ආදරය හෑල්ලුවට ලක්වෙන ආකාරයෙන් පෝස්ට් යොමු කරන්නත් කටයුතු කලා.

කුමාරගේ සම්පූර්ණ කතාව දන්නේ මව්බිම පුවත්පත් සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතා ..අපිට මූලික සම්බන්ධතාවය සකස් කරලා දුන්නේ හිනිදුම Shehan Malaka Gamage

පසුගිය 04 වනදා කුමාරගේ සහ චාන්දනීගේ කැදැල්ලට නව අමුත්තියක් එකතු වුනා… අද ඔවුන් දෙපළ මේ ගැන ඉන්නේ ලොකු සතුටකින්… ඒ සතුටට දායකත්වය ලබාදුන් හැමෝටම ස්තුතියි…

කුමාරගේ සහ චාන්දනීගේ සුවදුක් විමසන්න ඔබට පුළුවන්.

උපුටා ගැනිමකි


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close