free statistics

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට පත්වෙමින් යන හැටි


ඩෙල්ටා වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරනවා

ඉදිරි සති දෙක පිළිබඳව දැනටමත් තීරණය වී අවසන් බවයි ඇය සඳහන් කරන්නේ.

එමෙන්ම බස්නාහිර පළාතේ රෝගීන් සුලභව සිටින බවත් රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් දැනටමත් සිටින බවද ඇය කියා සිටිනවා

පි සි ආර් කරන ප්‍රමාණය අනුව සීමිත රෝගීන් ප්‍රමාණයක් දැනට වාර්තා වී තිබෙන බවත් සමාජයේ පස් ගුණයක රෝගීන් ප්‍රමාණයක් සිටිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා

ඩෙල්ටා වේගයෙන් පැතිරෙන බැවින් රෝගීන් වැඩි ප්‍රමාණයක් ,වැඩි සංකුලතා ඇතිවන ප්‍රමාණයකුත් ,වැඩි මරණ සංඛ්‍යා වකුත් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Source – Live@8


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close