free statistics

කිලිනොච්චියේ කොල්ලෙක්ව කපා දමයි! ගෙදරටත් ගහලා බයික් එකත් ගිනි තියයි!


කිලිනොච්චිය මුරුසමොට්ටෙයි ප්‍රදේශයේ නිවසක සිටි තරුණයෙකුට ඊයේ (01) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එම තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ තරුණයා නිවසේ නිදාසිටි අවස්ථාවේදී යුතුරුපැදිවලින් මුහුණු ආවරණය කොට ගෙන තියුණු ආයුධ සහිතව තරුණයාට පහර දී නිවසේ දේපලවලටද හානි කොට මිදුලේ නවතා තිබූ යතුරුපැදියකටද ගිනිතබා විනාශ කොට පලා ගොස් ඇත.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට යැවීමට රෝහල බලධාරීන් පියවර ගෙන ඇත.

අදාල පහරදීම සිදුකල පිරිස් මේ දක්වා හඳුනාගෙන නොමැති අතර පෞද්ගලික හේතුවක් මත මෙම පහරදීම සිදුකරන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close