free statistics

කාන්තාවගේ අඩනිරුවත පෙන්වීම දැන් පැෂන් එකක්-මියුසික් වීඩියෝ කලාව උඩුයටිකුරු කල ඉරාජ් වීරරත්න


නිතරම කා අතරත් කතා බහට ලක්වෙන නිතරම ආන්දෝලනාත්මක පුවත් මවන අලුත් අලුත් නිර්මාණ හරහා නිතරම ප්‍රේක්ෂකයන් අතරට එන දක්ෂ නිර්මාණකරුවෙකු තමයි ඉරාජ් වීරරත්න කියලා කියන්නේ. ඔහු ගායකයකු, මියුසික් විඩියෝ නිර්මාණකරුවකු, යු ටියුබ් නාළිකා මෙහෙයවන්නකු හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස තමන්ගේ නිර්මාණ කටයුතුවල නිරතව සිටින දක්ෂ කළා කරුවෙක් විදිහටත් හදුන්වන්නට පුළුවන්. ඔහුගේ නවතම යූ ටියුබ් නාළිකාව ඉරාජ් ෂෝ නමින් පසුගිය දා එළිදක්වනු ලැබුවා. මැත කාලයේ වෙබ් අඩවි සම්බන්ධ සිදුවීම්වල දී ඔහුගේ නමත් කියැවුණා. කොහොම නමුත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ජනාධිපතිතුමා බලයට ගේන්න මම උදවිකළ බව ඇත්ත. පසුගිය ආණ්ඩුකාලයේ තිබුණු ප්‍රශ්නත් එක්කත් සහ තිබුණු කරදරය හින්දා ඒ අය එළවන සහ අලුත් කෙනෙක් පත්කරන්න වැඩ කටයුතු කළා. එච්චරයි. එතනින් එහාට කිසිම සම්බන්ධයක් නැහැ. මම වත්මන් ජනාධිපතිතුමාගේ කිසිම දෙයකට සම්බන්ධ නෑ. සමහරු වැරැදි මත යවන්නේ. මම එහෙම කිසිම සමාජ මාධ්‍ය ජාලයක් හෝ යූ ටියුබ් නාලිකාවක් හෝ රජය වෙනුවෙන් කරන්නේ නෑ. මගේ ගීත හා මියුසික් වීඩියෝ අපේ රටේ බොහෝ ආලනාත්මක ඒවා බවට පත්වුණා. නමුත් ඒවා ලෝකයේ අලුත් දේවල් නොවෙයි. ලංකාවේ සාමාන්‍යයෙන් කෑ ගහන නිර්මාණ, ලංකාවට අලුත් වුණාට ලෝකයට පරණයි. ආන්දෝලනාත්මක විදිහට ලොකුවට කෑ ගැසුවාට ඒවා සාමාන්‍ය දේවල්. ඇමරිකාවේ, ඉන්දියාවේ වගේ රටවල ඒවා සාමාන්‍ය දේවල් විදියට තිබෙන්නේ.

මියුසික් වීඩියෝ හරහා කාන්තාවගේ අඩනිරුවත පෙන්වීම බොහෝ කතාබහට ලක්වුණා. ඒවා ඉතිං පැෂන්. සමහර කාන්තාවන් අඳින විදිහ. ඒ පැෂන් එකට ලංකාවේ සමහර අය කැමැති නෑ. හැබැයි ඉතිං ලෝකයේ එවැනි දේවල් සිදුවෙනවා. විශේෂයෙන් තරුණ තරුණියන් මේවාට කැමැතියි. ඒ හින්දා තමයි මේ මියුසික් වීඩියෝ මෙතරම් ජනප්‍රිය වුණේ. අලුත් පැෂන්වලට තරුණ පරම්පරාව කැමැතියි. බොරු මත දරන අය තමයි කෑ ගහන්නේ. මම කෙලින් කතාකරන හින්දයි මට මඩ ගහන්නේ. මම ජේ.වී.පී. එක ගැන ගොඩක් දේවල් විවේචනය කළා. ගිය ආණ්ඩුව තිබුණු කාලයේ දේවල් මම ගීතවලින් විවේචනය කළා. ඉතිං ඒවාට තරහ ගිය අය තමයි චෝදනා එල්ල කරන්නේ. මම කියන්න තිබෙන දේ කෙලින්ම මගේ නම හා මුහුණ දාලා කළේ. ඒක සමහරුන්ට රිදෙන්න ඇති.

මට එන යූ ටියුබ් ආදායම්වල සියලුම මුදල් මම යොදවන්නේ දුප්පත් ළමයින්ට, පන්සල්වලට වගේ දේවල්වලටයි. සමහර වෙලාවට යූ ටියුබ්වල ආදායමටත් වඩා වැඩි මුදලක් මම යොදවනවා. විශේෂයෙන් පිළිකා හැදුණු ළමයින්ට මුදල් එකතු කරන්න. ඒ වගේම උතුරු නැගෙනහිර පන්සල්වලට හා දුප්පත් පන්සල්වලට දුප්පත් ළමයින්ට මේ සල්ලි යොදවනවා. මම ඒ යූ ටියුබ්වලින් ලැබෙන මුදල් කිසිවක් තියාගන්නේ නැ. ඒවා සියල්ල මම ඒ වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

මට දේශපාලනයට එන්නත් ආරාධනා ආවා. ඒත් මට දේශපාලනය කරන්න කිසිම කැමැත්තක් නෑ. මම දේශපාලනයේ යම් යම් දේවල් විවේචනය කළා. හැම පක්ෂවලම වැරදි දේවල් විවේචනය කළා. හැබැයි ගිය ආණ්ඩුව කාලයේ ගොඩාක් විවේචන සිදු කළා. මොකද තිබුණු ප්‍රශ්නත් එක්කයි එහෙම සිදු වුණේ. ඉදිරියේ දී දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් නෑ. මොකද ලංකාවේ දේශපාලනය කියන්නේ ජරාම ජරා දේශපාලනයක්. ඒ හින්දා කොහෙත්ම එන්නේ නෑ. මගේ ගීතයක් ඉන්දුනීසියාවේ පසුගිය දවස්වල අතිශය ජනප්‍රිය වුණා. ලංකාවේ ආරම්භයම බැලුවම සිංහල ගීතය ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වුණා. එතකොට දකුණු ආසියාවේ නේපාලය මගේ ජනප්‍රිය ගීතයක් තිබෙනවා. යූ ටියුබ් එකෙන් එය කෝටියක් පමණ ප්‍රේක්ෂකයන් නරඹා තිබෙනවා. හෙමින් හෙමින් මගේ ඉලක්කය සංගීතයෙන් ඉස්සරහට යන්නයි.

ඇත්තටම මේ කාලයේ ප්‍රසංග නැති නිසා, සංගීත සංදර්ශන නැති නිසා මගේ නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව යූ ටියුබ් නාලිකා හා නව වැඩසටහන් කිපයක් කරගෙන යනවා. අලුතින් යූ ටියුබ් චැනල් එකක් ‘ඉරාජ් ෂෝ’ නමින් එළිදැක්වූවා. මම දෙරණ රූපවාහිනියේ අවුරුදු 10 ක් විතර වැඩසටහනක් කළා. මම හිතුවා ඒ නමින්ම යූ ටියුබ් එකේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන්ගන්න. ඒ යූ ටියුබ් හරහා මම ගොඩාක්ම ධනාත්මක දේවල් කරන්නේ. ලංකාවේ තරුණ තරුණියන්ට උදව් කරන්න. ඒ අයගේ නිර්මාණ තිබෙනවා නම් මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම ඒ හරහා ඔවුන්ට ජනප්‍රියත්වයක් ලබාදෙනවා. මේ චැනල් එක සම්පූර්ණයෙන්ම තරුණ පරපුරට හැදුව එකක් හා ගොඩාක් උදව් කරන්න හදපු එකක්. කලින් කළ මගේ යූ ටියුබ් චැනල් එක වෙනම තියාගත්තා. ඒක හරහා හැමදේම කරන්න බැරි හින්දා මම අලුත් එකක් හදාගත්තා. මම අලුත් නිර්මාණ ගණනාවක් කරලා තිබෙනවා. එන්නත්කරණය ඉවරවෙලා රට පොඩිඩක් යහපත් තැනකට ආවගමන් තමයි ඒවා රිලීස් කරන්නේ. මේ වෙලාවේ අපි බලන් ඉන්නවා යුද හමුදාව විශිෂ්ට සේවයක් කරනවා. අපි හිතනවා මේ ප්‍රශ්නය ඉක්මනින් විසදෙයි කියලා, ලංකාවේ වෙනස් දෙයක් කළොත් දන්නේ නැති අය කෑගහනවා. හැබැයි දවස් 2 – 3 ක් ගියාම එය සාමාන්‍ය බවට පත්වෙනවා. ඒ වගේම මගේ නිර්මාණවලට බැන, බැන ඒවා ෆලෝ කරන අයත් ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.



Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close