free statistics

අත්අඩංගුවට ගත් උමාරියා සිංහවංශ අද අධිකරණයට


වැලිකඩ මංසන්ධියේ රාජගිරිය ගුවන් පාලම අසලදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

රාජගිරිය ගුවන් පාලම අසලදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි ඇය ඊයේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇය ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථය, ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close