free statistics

ලංකාවේ අ’සභ්‍ය වෙබ් අඩවි සියල්ල තහනම්!


ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අන’ර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නියෝග කළාය.

අන’ර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම කොමිසමට නියම කළාය.

අන’ර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙදාම හා ලිං’ගික අප’යෝ’ජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළාය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close