free statistics

විමල් සති 2ක් ගෙට වෙයි!


කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද (29) සිට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.

ඒ සම්බන්ධයෙන් වීරවංශ මහතා තබා ඇති ෆේස්බුක් සටහන මෙසේය.

“මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද (29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.

කර්මාන්ත අමාත්‍යංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත.

අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස දැනුම් දෙමි.”

– කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close