free statistics

හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08ක් රිමාන්ඩ්


2016 වසරේදී සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනකු මෙම මස 23දා තෙක් රිමාණ්ඩ් බන්ධනාගාරගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද (17දා )සවස නියෝග කළේය.ඒ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිකරුවනට ඇප නියම කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊට දැඩව විරුද්ද වූවා. ඒ අනුව සැකකරුවන් මෙම මස 23 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close