free statistics

‘ආණ්ඩුව දෙන්න යන ටැබ් එකෙන් දරුවන් වඳ වෙනවා’! පරණ කතාව ගැන ගම්මන්පිල අද කියන අලුත් කතාව! – VIDEO


ටැබ් පරිගණක මගින් දරුවන් වඳභාවයට පත්වන්නේ යැයි තමන් විසින් කලින් සිදු කළේ යයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යළිත් වතාවක් පැහැදිලි කිරීමට පියවර ගත්තේය.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක දේශපාලනික වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ප්‍රමිතීන්ට අනුකූලව නොවන ජංගම දුරකතන ටැබ් යන්ත්‍ර හරහා විවිධ පිළිකා කාරක විකිරණයන් මුදා හැරෙන බවයි. ඒවා හරහා මෙවන් තත්ත්වයන් ඇති විය හැකි බව ඔහු සඳහන් කළේ ය.

තමන් ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට දීර්ඝ විස්තර සහ සාක්ෂි සහිතව ලිඛිත පැමිණිල්ලක් එකල පැවති රජය සමයේ ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් භාවිතයේ පවතින සියලුම ජංගම දුරකථන ටැබ් යන්ත්‍ර මාර්ගයෙන් යද භාවයට පත්වෙන බවක් තමන් කිසි තැනක අදහස් කර හෝ ප්‍රකාශ කර නැති බවද ඔහු සඳහන් කළේය.

-mawratanews


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close