free statistics

අජිත් මුතුකුමාරණගෙන් වෙන්ව දිරිය මවක් වු කේ සුජීවා කියපු අදහා ගන්න බැරි කතාව


ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගෙන සිටින කේ. සුජීවා මහත්මිය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා. ඊට ප්‍රධාන හේතුවක් වනුයේ ඇය පුවත්පත් සාකච්ඡාවන් කිහිපයක් අතරතුර මාධ්‍යට කළ සුවිශේෂ ප්‍රකාශයන් කිහිපයකි. ඇත්තෙන්ම එලෙස මාධ්‍යට කළ සියලු ප්‍රකාශයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි. කෙසේවෙතත් ප්‍රසංග වේදිකාව තුළ සුවිශේෂ පෙරළියක් සිදුකළ ඇය වටා විශාල රසික පිරිසක් එක් රොක්ව සිටිනවා. ඇත්තෙන්ම ගායන ක්ෂේත්‍රය තුළ විශාල රසිකයන් පිරිසකගේ ආදරය දිනාගත් ඇය ආදරණීය මවක්ද වෙනවා. කෙසේවෙතත් ඇය පසුගියදා ඇගේ වර්තමාන ජීවිතයේ අලුත්ම තොරතුරු පිළිබඳ පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී සුවිශේෂ හෙළිදරව්වක් කර තිබුණා

මේ දිනවල ප්‍රසංගයන් පැවැත්වෙන්නේ නැති නිසා අනෙක් දිනවලට වඩා මගේ කාර්‍යබහුලත්වය අඩුවෙලා තිබෙනවා. මවක් විදිහට මම නිවසේ වැඩකටයුතු හැමදෙයක්ම කරගෙන දරුවෝ දෙන්නත් එක්ක සතුටින් කාලය ගත කරනවා. බොහෝදුරට මම හරිම අඩුවෙන් නිදාගන්න කෙනෙක්. කොච්චර නිදි මැරුවත් මම දවසකට පැය පහකට අඩුවෙන් නිදාගන්නේ නැහැ. උදේම නැගිටින මගේ පළමු රාජකාරිය වෙන්නේ දවස පටන් ගන්න කලින් බුදුන් වදින එකයි. බුද්ධ වන්දනාවෙන් පසුව තමයි මම කුස්සිට ගිහිල්ලා වතුර වීදුරුවක් බීලා තේ එකක් හරි පලතුරු යුෂ එකක් හරි බොන්නේ. ඇත්තටම ඒක මගේ පුරුද්දක් වෙනවා. මේ පුරුද්ද දැන් මම අවුරුදු දහයක කාලයක් විතර කරනවා.

ඇත්තටම මම බෞද්ධ කෙනෙක්නම් නෙවෙයි. මම හින්දු ජාතිකයෙක්. ඒ කොහොම වුනත් අවුරුදු දහයක කාලයක් පුරාවට මව මේ විදිහට උණු පැන් එකක් , ඇල් පැන් එකක් , ගිලන් පසට කිරි වීදුරුවක් තියලා බුදුන් වදිනවා. දැන් හැමදාම උදේ හවස මේ විදිහට ගිලන් පස පූජා කරලා බුදුන් වදිනවා. ඇත්තටම මම බුදුදහමට නැඹුරු වෙච්චි කෙනෙක්. හැම මාසෙකම දවසක් මම උදෑසන හීල් දානය මන්ම හදලා පූජා කරනවා. මේ සියලු දේවල් එක්ක වෙනදාට වඩා සැහැල්ලුවක් නිදහසක් වගේම සතුටක් මගේ ජීවිතේට ලැබිලා තියෙනවා.

දානෙ දවසට උදේ දානෙ උනාට දවල් දානෙකට වගේ දේවල් මන් හදනවා. පිට්ටු, ඉදි ආප්ප, බත් එක්ක ව්‍යංජන දහයකට වැඩි ප්‍රමාණයක් මන් හදනවා. පාන්දර තුනට නැගිටලා වැඩට ඉන්න එක්කෙනත් එකතු කරගෙන පුංචි පුංචි උදව් ටිකක් එයාගෙනුත් අරගෙන මන් කෑම ඔක්කොම ඉක්මනින් හදනවා. ඕනෑම වැඩක් කැමැත්තෙන් කරද්දී ආස හිතෙනවා. මන් ඉවුවත් තේ එකක් හැදුවත් හදන්නේ හරිම සතුටෙන් තමයි. ගෙදර හදන හැමදේම මන් දරුවන්ට උනත් පිළිගන්වන්නේ මගේ අතින්මයි.

දරුවෝ දෙන්නටත් උදේට තේ එක හදලා වතුර වීදුරුවක් එක්ක ට්‍රේ එකක තියලයි මම පිළිගන්වන්නේ. ඇත්තටම මම හිතන්නේ මේ පුංචි පුංචි දේවල් නිසා මහලොකු බැඳීමක් ගෙවල් ඇතුලේ නිර්මාණය වෙනවා කියලයි. ගෙදරක ඇතිවීමයි නැතිවීමයි කියන දේ තීරණය වෙන්නේ ගෙදර අම්මාගේ සකසුරුවම් මත කියල තමයි මමනම් හිතන්නේ. ඒ නිසා රුපියලක් වියදම් කරත් ඒකට වටිනාකමක් ලැබෙන විදිහට වියදම් කරන්න අම්මා කෙනෙක් විදිහට හිතන්න ඕනේ. කොන්ඩේ පාට කරලා නියපොතු පාට කරලා ආර්ටිස් කෙනෙක් විදිහට මන් එලියට ගියාට මගේ හදවත තුල ඉන්නේ මහා උත්තරීතර හැඟීමක් තියන අම්මා කෙනෙක්. මම උදේ නැගිට්ට වෙලාවේ ඉදලා රෑට නින්දට යනකන්ම හිතන්නේ ඒ උත්තරීතර චරිතය හැමදාම අලුත් විදිහට කරන්නේ කොහොමද කියන එක කියලයි මෙලෙසයි ඇය පසුගියදා පවසලා තිබුනේ.















Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close