free statistics

පළමු විවාහයෙන් වෙන්ව තනිව දිවි ගෙවන දිනූෂාගේ සුන්දර ජායාරූප පෙළක්


6 shares

කලා ක්ෂේත්‍රය තුළ අනූව දශකයේ ජනප්‍රියත්වයට පත් දක්ෂ නිවෙිදිකාවක් තමයි දිනූෂා රාජපතිරණ කියලා කියන්නේ. ඇත්තෙන්ම නොකඩවාම තමන්ගෙ නිවේදනය මුවහත් කරගනිමින් ඊයක් වගේ ඉදිරියට ආපු කෙනෙකු ලෙස ඇයව හදුන්වන්න පුලුවනි. ඉතින් ඇය නිවේදිකාවක ලෙස කටයුතු කළ යෙහෙළි වැඩසටහනට ප්‍රේක්ෂක ජනයාගේ උණුසුම් ප්‍රතිචාර හිමිවිය. ඇත්තෙන්ම ඇය සතු හැකියාව හේතුවෙන් එම වැඩසටහන සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත්වුණා

කොහොමහරි ඉතින් ඇය ඇගේ ගමන ගැන කියන්නේ මේ වගේ කතාවකුයි. ” ස්වර්ණවාහිනිය කියන්නේ මගෙ ජීවිතය වෙනස් කරපු තැනක්. ඉතින් තවමත් මම ඉන්නෙ ඒ තැන. ඒ වගේම තමයි නිවෙිදිකාවකට රංගනය වගේ ක්ෂේත්‍රයන්ට අවස්ථාව ලැබුනත් මම නිවෙිදනය කවදාවත් අතහැරල නෑ. ඒ ගමනේදී ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහත්මයගෙ පිටුබලය විශාලව මට දැනුනා .සී රජ නාට්‍යයේ රගපාන්න අවස්ථාව ලබාදුන්නු එක හින්දා තවත් අය ටෙලිනාට්‍ය වලට කතාකලත් මම පූර්ණ කාලීන රංගන ශිල්පිනියක් විදියට වැඩකරන්නනම් හිතුවේ නෑ කියලයි

කොහොමහරි ඉතින් ඇගේ මුල්ම විවාහය වසර කිහිපයකට උඩදී සිදුවු අතර එය වසර දෙකක තුනකට පමණ සීමාවෙනවා. ඊට පස්සේ ඇය තමන්ගෙ මුළු ජීවිතයම කැප කලේ මාධ්‍ය වෙනුවෙනුයි. කොහොම නමුත් නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය 1998 අවුරුද්දෙදි නිවේදිකාවක ලෙස වැඩකටයුතු ආරම්භ කරනවා. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවකුයි. ඒ වෙද්දි නිවෙිදනය වගේ දේ කරන තරුණියන් වැඩියෙන් හිටියේ නැති තරම්. ඒ හින්දම සමහර දේවල් දැනගන්න එකේ අපහසුතා තිබුනා. නමුත් අපිටම කියල රාමුවක් ඇතුලෙ වැඩකරන්න ලැබුන නිසා ඒ දවස්වල වැඩසටහන් රසිකයන් අතරට ගියා.

ඒ වගේම තමන්ගෙ ජීවිතය තනිකඩව ගෙවුන එක ගැන ඇය කිසිම වෙලාවක පසුතැවිලි නොවෙන බවයි පවසන්නේ. ජීවිතේ ගොඩක් අවස්ථාවලට තනියම මුහුණ දෙන්න සිදුවෙනවා. ඒත් හැම වෙලාවෙම අපිට අපි කැමතිම දේවල් හම්බෙන්නෙත් නෑනේ ජීවිතය කියන්නෙ දුක සැප සියල්ල ලැබෙන දෙයක් කියන එක මම තේරුම් අරගෙනයි ඉන්නේ කියලයි ඇය කියන්නේ. ඉතින් අද අපි නිවේදිකාවක ලෙස සුවිශේෂ ගමනක් යන දිනූෂාගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා


Like it? Share with your friends!

6 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close