free statistics

මුල් කාලෙ වෙනකොට අපි දෙන්නාම තනිකඩව තමයි හිටියේ – තනිකඩ කොල්ලෙක් එක්ක ඉතින් තනිකඩ කෙල්ලක් කතා කරනව වැඩියි


සචිනි නිපුංසලා කියලා කියන්නේ දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියකි. දෙරණ නාලිකාවේ නිවේදන කටයුතුවලින් වගේම දෙරණ Champion Star ඔස්සේත් ඇය ප්‍රේක්ෂකයන් අතර බෙ’හෙවින් කතා බ’හ’ට ලක්වන ආදරණීය චරිතයකි. සචිනි පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවට එකතුවී ඇයගේ පෞ’ද්ගලික ජීවිතය වගේම කලා කටයුතු ගැනත් මේ විදියට තමයි කතා බ’හේ යෙදුනේ.

සචිනි ඔබව බොහෝ දෙනා හදුනන්නේ නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් විදියටනේ. ඊට අමතරව ඔබේ තියෙන දක්ෂතා මොනවාද?

ඊට අමතරව නම් දක්ෂතා නෑ ඇත්තටම. මට හොදට රසට උයන්නනම් පුළුවන්. මම පාසල් කාලයේ හොදට ඉගෙන ගත්තා. මම මුලින්ම පාසල් ගියේ විද්‍යාසුර බාලිකාවට. ඊට පස්සේ මම උසස් පෙළට විශාඛා බාලිකාවට ගියා. උසස් පෙළින් පසුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් Marketing පිළිබඳව උපාධිය ලබා ගත්තා.

ඔබට සින්දු කී’මේ හැකියාවකුත් ඇති නේද?

සින්දු කියන්න නම් මට පොඩ්ඩක්වත් බෑ. ඇත්තටම මම සෞන්දර්ය විශයකට කියලා දක්ෂ නර්තනයට පමණයි. නමුත් කෙනෙක් සින්දුවක් කියද්දී ඒ ගීතය O’u’t කියනවාද Pitch එකට කියනවාද කියලා හදුනාගන්න හැකියාවක් තියෙනවා මට. මම හිතන්නේ වසර ගණනාවක්ම Little Star එක්ක හිටපු නිසා මට ඒ හැකියාව ලැබෙන්න ඇති කියලා.

සචිනි දෙරණට සම්බන්ධ වෙලා කොච්චර කල් වෙනවාද?

2006 වසරෙදී තමයි මම මුලින්ම දෙරණට සම්බන්ධ වුණේ. එතකොට මම පාසල් යනවා. ඒ කාලේ දෙරණට සම්බන්ධ වුණු ගමන තමයි මම තාම දෙරණ සමග ඉන්නේ.

ඔබට ප්‍රේක්ෂකයන් අතරට යන්නට හැකි වුණේ මොන වැඩසටහන හරහාද?

ප්‍රේක්ෂකයන් මාව ගොඩාක්ම අදුනගත්තේ Little Star වැඩසටහන හරහා. මම එම වැඩසටහනට සම්බන්ධ වුණේ 2008 වසරෙදී. එතකොට Little Star වැඩසටහනේ Season 2 වලදී තමයි මම සහභාගී වුණේ. මම හිතනවා Little Star වල නිවේදනයට සම්බන්ධ වීමෙන් මම වි’ශාල ලෙස රසිකයන්ගේ ආදරයට ල’ක් වුණා කියලා.

ඔබ සුන්දර වෙන්න සාමාන්‍යයෙන් මොනවාද කරන්නේ?

මම මගේ පෙනුම පවත්වාගෙන යන්න කියලා විශේෂ දෙයක් නම් කරන්නේ නෑ. ගැහැණු කෙනෙක් වුණාම පිරිසිදුව ඉන්න ඕනි. ඉතින් මම නිතරම කරන්නේ පැහැපත් වෙන්න ලස්සන වෙන්න දේවල් භාවිතා කරනවාට වඩා පිරිසිදුව ඉන්න එක තමයි. හැබැයි මම කෑම ගැනනම් ටිකක් හිතනවා. මොකද මගේ සැමියත් කෑම ගැන ගොඩාක් සැල’කිලිමත්.

කොරෝනා නිසා ගෙදරට කො’ටු වෙ’ලා ඉන්න කාලේ ගොඩාක්ම අවධානය යොමු කළේ මොනවටද?

මම ගොඩාක්ම අ’වධානේ යොමු කලේ ව්‍යායාම කරන්න තමයි. මොකද මම ගොඩාක් මහත් වුණ නිසා මට බර අඩු කරගන්න ඕනි වුණා. ඒ නිසා මම ගෙදරට වෙලා ඉන්නකොට වැඩිපුර කරේ ඒවා තමයි.

ඔබේ වැඩවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එයා තමයි මගේ ජීවිතේ හැම වැඩකටයුත්තකටම සහයෝගය ලබා දෙන්නේ. නමුත් නිවේදන කටයුතු වලටනම් මට එයාගෙන් ලොකූ සහයෝගයක් ගන්න දෙයක් නෑ. මොකද ඒක මට පොඩි කාලේ ඉදන්ම සහජයෙන්ම ලැබුණු හැකියාවක් නිසා. නමුත් අපි සමාජ මාධ්‍ය වල කර ගෙන යන වැඩසටහන්වලට නම් එයාගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා.

සචිනිගෙයි ඉසුරුගෙයි ආදර කතාව ගැන කියමුකෝ බලන්න?

මමයි ඉසුරුයි 2011 වසරේ ඉදන් හොදම යාලුවෝ වෙලා හිටියා. මට ඕනි දෙයක් විශ්වා’ස කරලා කියන්න පුළුවන් යාලුවෙක්ට හිටියේ ඉසුරු විතරයි. ඔහොම යාලුකමින් ඉන්න කොට 2017 මුල් කාලෙ වෙනකොට අපි දෙන්නාම තනිකඩව තමයි හිටියේ. තනිකඩ කොල්ලෙක් එක්ක ඉතින් තනිකඩ කෙල්ලක් කතා කරනව වැඩියි.

ඉතින් ඔහොම ඉන්නකොට ඒ යාලුකම ටික ටික ආදරයකට පෙ’රලු’නා. 2017 නොවැම්බර් මාසෙ වෙද්දී අපි දෙන්නාම ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි 2020 දී අපි විවාහ වුණා. ඉසුරු කියන්නේ වැදගත් විදියට ඉන්න කෙනෙක්. ඉතින් මම මුල ඉදලම එයාට කැමැත්තෙන් තමයි හිටියේ. එයාටත් ඒ වගේ කැමැත්තක් තමයි මම ගැන මුල ඉදලම තිබුණේ. ඉතින් අපි දෙන්නා ගොඩාක් තේරුම් අරන් සතුටෙන් ජීවත් වෙනවා.
Source – Ceylon Talks


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close