free statistics

මගෙ සුදු පුතාට අදට අවුරුද්දයි..කාලය වේගයෙන් පියාඹනවා පුතේ,,අම්මයි තාත්තයි ඔයා ලොකු වෙනවා හරිම ආසාවෙන් බලන් ඉන්නෙ..සුභ උපන්දිනයක් මගෙ පුතාට


තාරුකා වන්නිආරච්චි කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තූ ශිල්පිනියක්. ඉතින් අවුරුද්දකට කලින් මව්පදවියට උරුමකම් කියූ ඇය ඇගේ පුංචි පුතා ගැන මෙන්න මේ විදිහේ ආදරණීය සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන.

මගෙ සුදු පුතාට අදට අවුරුද්දයි..කාලය වේගයෙන් පියාඹනවා පුතේ,,අම්මයි තාත්තයි ඔයා ලොකු වෙනවා හරිම ආසාවෙන් බලන් ඉන්නෙ..සුභ උපන්දිනයක් මගෙ පුතාට.

බුදු සරණයි!!!!

නේජ ඩියෝන් අඹගහවත්ත

ඉතින් ඒ වගේම කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය නිළිය විවාහ උනෙත් අපේ රටේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකයෙක් සමඟයි. ඉතින් මේ තාරුකාගේ ආදරණීය පුංචි පුතා ඩියෝන්ගේ පළමුවෙනි උපන්දිනය පසුගිය දිනක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් මේ ආදරණීය කැදැල්ලේ හැමෝම එකතු වෙලා හරි අපූරු උපන්දින සාදයක් පවත්වලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඒ වගේම මේ පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් තාරුකා වන්නිආරච්චි ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල මෙන්න මේ වගේ අපූරු කතාවක් තමයි සදහන් කරලා තිබුණේ. ඔයා ඉපදීලා වසරක් ගතවී හමාරයි, නමුත් ඔයා අපගේ ජීවිත කාලයේම ආදරයෙන් රැකබලා ගැනීම සඳහා අපට බොහෝ මිහිරි මතකයන් ලබා දීලා තියනවා. ඉතින් අපේ පුංචි තරුවට 1වන උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් කියලයි අපේ නිලි තාරකාවිය ඒ විදිහට සෙනෙහසින් සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ පහුගිය දිනයක උපන්දිනය සමරපු පුංචි ඩියෝන් පුතුට අපිත් සුබම සුබ උපන්දිනයක් කියා සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close