free statistics

ජී.එල්. ආ උත්සවයේදී ලැප්ටොප් 10ක් දරුවන්ට බෙදා දී ෆොටෝ ගැනීමෙන් පසු 5ක් ආපහු අරන් ගිහින් – ඉතිරි 5 ගුරුවරු ගෙදර ගෙනිහින්


අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10කින් පහක් නැවත රැගෙන ගොස් ඇති බවට එම දරුවන්ගේ දෙමාපියෝ චෝ’ද’නා කරති.

මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර එම දරුවන්ට ලබාදී ඇත්තේ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

එහිදී දරුවන්ට ඒවා ලබාදීම, දරුවන් ඒවා පරිහරණය කරන ආකාරය වීඩියෝගත කිරීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් පසු යන්ත්‍ර පහක් යළි රැගෙන ගිය බවත්, ඉතිරි කර ගිය යන්ත්‍ර ද ගුරුවරුන් සිය නිවෙස් වෙත රැගෙන ගිය බවත් දෙමාපියෝ සඳහන් කරති.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක යන මහත්වරුන් ද මෙම උත්සවයට සහභාගී වී සිටියහ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close