free statistics

සියයට සීයක්ම අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙන්නෙ නැහැ – දුලීකා මාරපන


දුලීකා මාරපන කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ දිනවල අපිට ඇයව අපිට කියා දෙන්න ආදරේ තරම්, දිවිතුරා, පෝක් වීදිය වැනි ටෙලිනිර්මාණ හරහා දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂක වරයෙකු වන සුජීව ප්‍රියලාල් සමඟයි.

ඉතින් මේ බොහෝ රසික ආදරය කරන දුලීකා මාරපන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. පසුගිය කාලය ගත්තොත් වසංගත තත්ත්වය හමුවේ අපට වැඩ ගොඩක් කරන්න බැරි වුණා. නමුත් අද ටිකක් වැඩ කිරිමේ වාතාවරණය ඇවිත්.

ඒ නිසා මේ දවස්වල තරමක් කාර්යබහුල වෙලා. ඒ කාර්යබහුලත්වය අතරේ ගෙදර ඉන්නත් කාලය හොයා ගන්නවා. ඉතින් ඒ වගේම මම කෑම ජාති හදන්න හරි ආසයි. එකම විදියට හැමදාම කෑම කන්න කැමති කෙනෙක් නෙමෙයි මම. නිතරම රහ වෙනස් වෙන්න ඕනෑ.

මම මොක හැදුවත් සුජීව ආසයි. හැබැයි ඊයේ හදපු කෑම එක අද මම එයාට දෙන්නෙ නැහැ. සමහරදාට මම ෂූටිං ගියාම උදේම එයාගෙ කෑම හදලා තියලා යන්නේ. මොකද එයා මම හදන කෑම හැර වෙන ඒවා කන්න කැමති නැහැ. බැරි වෙලාවත් මම ඒ විදියට කෑම හදලා ගියෙ නැති දවසට හවසට ගෙදර එනකොට සුජීවගෙ මූණ දෙල් ගෙඩියක් වෙලා.

මම මගේ ජීවිතේ නාට්‍යවල ඉඳලා ඕනෑම දෙයක් තෝරා ගැනීමේදී සමහර වෙලාවට හොඳම නිර්මාණයක් නොවුවත් මම ඒ කරන දේ හොඳ කර ගන්න උපරිම දායකත්වය දුන්නා. පිටපතක් ලැබුණාම ඒ චරිතය දැනෙන්නෙ නැති තැන් තිබුණා නම් අධ්‍යක්ෂ සහ රචක එක්ක කතා කරලා ඒ චරිතය රහ කර ගන්න මම අදහස් ලබා දෙනවා.

අපි එහෙම කරන්නට ඕනෑ. එතකොට තමයි වැඩේ ලස්සන වෙන්නෙ. චරිතයක් බාරගෙන පසුවට අපරාදෙ මම ඒක බාර ගත්තෙ කියලා පසුතැවෙන්න ඕනෑ නැහැ. විවාහ ජීවිතයේදී වුණත් එහෙම වෙන්න ඕනෑ. කසාද බැන්දට පස්සේ ටික කලක් යනකොට අපරාදේ මම බැන්දේ කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. සමහර කාන්තාවන් වගේම පිරිමිත් එහෙම කියනවා.

නමුත් මම නිතරම කියන්නේ සියයට සීයක්ම අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙන්නෙ නැහැ. සියයට පනහක් ඕකේ නම් ඉතිරි පනහ අපි හදා ගන්න ඕනෑ.

සුජීව බලාපොරොත්තු වූ පරිපූර්ණ කෙනා මම නොවෙන්න පුළුවන්. හැබැයි එයාට මම නීති රීති බාධා දාලා නැහැ. මානසිකව හිර කරලත් නැහැ. එයා සාමාන්‍යයෙන් ගෙයින් එළියට යන්න කැමති කෙනෙක් නෙමෙයි. වැඩිපුරම එයා ආසා කරනෙ ගෙදර ඉන්න. ඒ විදියට ගෙදර ඉන්න ආසා වෙන්නෙ ගෙදර වාතාවරණය යහපත් වුණාමයි. කාන්තාවෝ ලෙස ඒ වාතාවරණය අපි හදලා දෙන්න ඕන.

ගෙදර ඉන්නවා නම් අපි දෙන්නා ෆිල්ම්ස් බලනවා, කෑම හදනවා, නිර්මාණ ගැන කතා කරනවා. ඒ වගේ වැඩ ටිකක් තියෙන නිසා අපි දෙන්නටම රසවත්ම තැන ගෙදරයි. මම හිතන්නේ මම සුජීවට බිරිඳකට එහා ගිය හොඳ යාළුවෙක්. සහෝදරියක්. අපි දෙන්නා හරි සහයෝගයෙන් වැඩ කරනවා. හැබැයි සුජීවට වඩා මගේ නුගුණ ටිකක් වැඩියි. මට ටිකක් ඉක්මනට තරහා යනවා. ඒ වගේම වැඩ කරන්න දක්ෂ වුණාට පිළිවෙල ටිකක් අඩුයි.

මොකක් හරි දෙයක් ගත්තොත් තැන තැන තියන කෙනෙක්. ඒ විදියට මම අපිළිවෙළට කරන දේ හරිම පිළිවෙලට හදලා ලස්සනට තියන සුජීව. එයා හරි පිළිවෙලයි. රංගනයේදී පළමු වතාවට දිවිතුරා නාට්‍යයේ මම සහ සුජීව සැබෑ ජීවිතයේ වගේම සැමියා බිරිඳ විදිහට රඟපානවා. ඒක හරි වෙනස් අත්දැකීමක්.

සැබෑ ජීවිතයේදී මම සුජීව එක්ක රණ්ඩු කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ චරිතයේදී තිතරම මම එයා එක්ක රණ්ඩු කරනවා. රඟපාලා ඉවර වුණාම සුජීවට ඒක අමුතු දෙයක්. හිනාත් යනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close