free statistics

මහමඟ ශාන්තිකර්මයක් කර පවුම් දෙකේ රන් මාලයක් උස්සයි


ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර යමින් සිටි කාන්තාවකගේ පවුම දෙකහමාරක් බරැති රන් මාලයක් පැහැරගෙන, ඒ වෙනුවට ව්‍යාජ මාලයක් දී දෙදෙනෙකු පළා ගොස් ඇති බව කෑගල්ල පොලිසිය පවසනවා. කෑගල්ල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසා සිටියේ ගලිගමුව අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය ඉඩමේ පවතින ආරවුලක් සම්බන්ධයෙන් කෑගල්ල නගරයේ පිහිටි ආයතනයක සේවය කරන තම සැමියා සමඟ 19 වන දා පෙරවරුවේ පොලිසියට පැමිණ ඇති බවයි. ඉඩමේ පවතින ආරවුල සම්බන්ධයෙන් සිය සැමියා සමග කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් කර යළි එම යුවල පොලිසියෙන් පිටව ගොස් ඇත.

ඉන් අනතුරුව අදාළ යුවළගෙන් පිරිමි පුද්ගලයා සිය සේවා ස්ථානයේ රැකියාව සඳහාත් කාන්තාව කෑගල්ල නගරයේ කෙළින් වීදියේ පිහිටි දුරකථන සමාගමක කෑගල්ල ශාඛාවටත් පාගමනින් ගොස් ඇත.

කාන්තාවක් පා ගමනින් යන අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ එක් පුද්ගලයෙක් පාරේ වැටී තිබුණු රුපියල් ලක්ෂ දෙකක් ඇහින්දාදැයි එම කාන්තාවගෙන් විමසා ඇත. තමන්ට එවැනි මුදලක් හම්බ වුණේ නැති බව එම කාන්තාව පවසා ඇත. එහෙනම් කරේ බැඳ ඇති රන් මාලය ගලවා මේ කොළ මත තබන ලෙස පවසා ඔවුනේගේ අතෙහි තිබූ පත්තර පිටු කිහිපයක් කාන්තාවට පෙන්වා ඇත.

සෙත් ශාන්තියක් කිරීමට අවශ්‍ය බව පුද්ගලයින් දෙදෙනා කාන්තාවට පවසා ඇති අතර පසුව එම කාන්තාව රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා රන් මාලය ගලවාදී සැකකරුවන් දෙදෙනා අත තිබූ පුවත්පත් පිටු මත තබා ඇත.

මේ අතර ශාන්තිකර්මයක් කරන බව පවසා මතුරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ අතේ තිබූ ව්‍යාජ මාලයක් කාන්තාවට ලබාදී කාන්තාව සතුව තිබුණු රන්මාලය පැහැර ගෙන ගොස් ඇත.

පසුව එම කාන්තාව සිය රන් මාලය පරික්ෂා කරන අවස්ථාවේදී තමන්ට තරුණයන් දෙදෙනා විසින් ලබාදී ඇත්තේ වයාජ මාලයක් බවත් හඳුනාගෙන ඇති අතර ඉන් අනතුරුව නැවත කෑගල්ල මූලස්ථාන පොලිසිය විවිධ පැමිණිලි අංශය පැමිණිල්ලක් දමා තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close