free statistics

මෙහෙ’කාර සේවයේ යෙදවිය හැකි අවම වයස ඉහළ දැමීමට යයි


මෙහෙ’කාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී අයෙකු මෙහෙ’කාර සේවයේ යොදවා ගන්නේ නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

1956 අංක 47 දරණ පනතට වයස අවුරුදු 14 ඉක්ම වූ ළම’යින්ට රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව හිමිව තිබුණු අතර පසුගිය ජනවාරි 18 වන දා එම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමුණා.

එහෙත් එම වයස් සීමාවේ අයවලුන්ද අන්ත’රා දායක රැකියා සඳහා යොදා ගැනීමට ද හැකියාවක් නොමැති නමුත් මෙහෙ’කාර සේවය අන්ත’රා දා’යක රැකියාවක් ලෙස වර්ගී’කරණය කර නැහැ.‍


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close